Monday, February 17, 2014

RIVIDINA

ලොව උසම මිනිසා සහ මිටිම මිනිසා  
=================================

පුවත් ගොනුව |||Apple | Psychology  | Training | Counseling | 







ක්ෂේත්‍රඵල, දිග, ස්කන්ධ, උෂ්ණත්ව & පරිමා [ද්‍රව/ඝන] පරිවර්තකය




























 Conducted by:C.B. Wasundara                               
           B.Sc.(Phy.),  CC(TMI), ACB(TMI), HDIP(ICT), TT.Dip (NIE)
                         Psychological Counselor, Trainer (ASAP) 

          E Mail:    towasu@gmail.com
===================================





කොන්දේසිවලින් තොරව ආදරය කරන්න පුළුවන්ද?

“මං ඔයාට ආදරෙයි කියල කී දෙනෙක් කී දෙනකුට කී සැරයක් කියල ඇතිද? මේ ලෝකෙ  ඒත් ඒ හැමෝම සාර්ථක පී්‍රතිමත් ආදර සබඳතා පවත්වන අය කියල ඔබ හිතනවද?
බේ අත්දැකීම් ඔබේ නිරීක්ෂණ ඇසුරෙන් ඒ ගැන ටිකක් හිතල බලන්න.
ඔබත් සමහර විට “මං ඔයාට ආදරෙයි කියල කාට හරි කියලා ඇති. ඔබට කවුරුහරි ඒ වචන පෙළ කියල ඇති.
ඔබ හදවතින්ම එහෙම කිව්වේ? ඔබට එහෙම කෙනෙක් ආදරෙයි කිව්ව නම් එයා ඒක කියල තියෙන්නේ හදවතින්මයි කියලා ඔබට ස්ථිරද?
ඔව්. මමත් එයාට ආදරෙයි කිව්වෙ හදවතින්මයි. එයත් මට ආදරෙයි කිව්වෙ හදවතින්මයි කියල ඔබ කියයි. සමහර විට. ඔබ දෙන්නම හරිම සතුටින් ඉන්නව වෙන්නත් පුළුවන්.
අපි ටිකක් ඉන් ඔබ්බට යමු. “මොනව කළත් මම ඔයාට ආදරෙයි “කියල වචන දෙකක් වැඩි කරල හදවතින්ම කියන්න ඔබට පුළුවන්ද?
වෙන විදියකින් කියනව නම් කිසිම කොන්දේසියකින් තොරව මම ඔයාට ආදරෙයි කියල කියන්න ඔබට පුළුවන්ද?
ඇත්තටම කොන්දේසි රහිතව කෙනෙකුට ආදරේ කරන්න ඔබට පුළුවන්ද? ඔයා මොනව කළත් මට කමක් නෑ. මං දිගටම එක වගේ මුළු හදවතින්ම ආදරෙයි කියල කාට හරි කියන්න ඔබට පුළුවන්ද?
මේක ටිකක් හිතල බලන්න ඕන ප්‍රශ්නයක්. එහෙම නේද? මේකට ඉංග්‍රීසියෙන් උව්ඛිව්ච්ඊව්ඒඹ් ඹ්ජ් හෙවත් කොන්දේසි විරහිත ආදරේ කියලා කියනවා.
මං හිතන්නේ කවුරු කාට මොන තරං ගැඹුරෙන් හද පත්ලෙන් ආදරෙයි කිව්වත් ඒ කවුරුත් කොන්දේසි විරහිතව ආදරේ කරන අය ‍නෙවෙයි. එහෙම කොන්දේසි රහිතව කෙනෙකුට ආදරේ කරන්න පුළුවන්ද කියල හිතන්න වෙනව.
අපි හිතමු ඔබේ පෙම්වතිය/පෙම්වතා ඔබව බොරු කරනව කියලා. තවත් කෙනෙක් එක්ක ඔබට හොරෙන් සබඳතාවක් පවත්වනව කියලා. ඒත් නැත්නම් ඔබව ලැජ්ජාවට පත් කරනව කියලා කියලා. දිගින් දිගටම ඔබව පහත් කරල කතා කරනව කියලා. ඔබට  කෝපාවිෂ්ඨව      ගහනව බණිනවා කියලා. ඔබට නොයෙක් විදිහෙන් ශාරීරිකව සහ මානසිකව වද දෙනවා කියලා.
එහෙම කරද්දීත් ඔබ තාමත් අසතුටුදායක පෙම් සබඳතාවක පැටලිලයි ඉන්නේ.
ඒ ඇත්තටම ආදරේ හින්දද? ඔබට පුළුවන්ද එහෙම ආදරය කරන්න?
“හා කමක් නෑ. ඔයා මට ඕනතරම් බොරු කරන්න, වංචා කරන්න වෙන ඕන කෙනෙක් එක්ක මට
හොරෙන් සම්බන්ධතාවක් තියාගන්න. මට ලැජ්ජා කරන්න, නින්දා කරන්න, මාව අනිත් අය ඉදිරියේ පාච්චල් කරන්න,
මට හිරිහැර කරන්න, මගෙ දෙමාපියන්ව පහත් කරල කතා කරන්න ඒ ගොල්ලන්ට නින්දා කරන්න ඔය මොන දේ කළත් කමක් නෑ.
මං ඔයාට දිවි හිමියෙන් ආදරෙයි.
නොවෙනස්ව සදාකාලයටම මං ආදරෙයි.. කොන්දේසිවලින් තොරව මං ඔයාට ආදරෙයි.” කියල කියන්න ඔබට පුළුවන්ද?
හිතට එකඟව අවංකව එහෙම කියන්න පුළුවන්ද?
මං  හිතන්නෑ කොච්චර ගැඹුරු ආදරයක් හිත ඇතුළෙ තිබුණත් කිසිම කෙනෙක් එහෙම කොන්දේසි විරහිතව ආදරේ කරයි කියලා.
ඒත් කොන්දේසි විරහිත ආදරයක් ගැනත් අපිට ඇහෙනව. සමහරු එහෙම ආදරයක් ගැන කතා කරනවා. ඒත් ප්‍රායෝගික ජීවිතේදී එහෙම ආදරයක් (උව්ඛිව්ච්ඊව්ඒඹ් ඹ්ජ්) තියෙන්න පුළුවන්ද? අපි මොන තරම් පරිත්‍යාගශීලී වුණත් මොන තරම් හද ගැඹුරින්ම අනිත් කෙනාට ආදරෙයි කිව්වත් අපිටම නොදැනී හෘද අභ්‍යන්තරයෙන් අපිත් ඒ අපි ආදරේ කරන කෙනාගෙන් පෙරළා සෙනෙහසක් බලා‍පොරොත්තු වෙනව. අපි අපේක්ෂා කරන දේවල් ඔහුගෙන්/ඇයගෙන් නොඅඩුව ඉටුවේවි කියන දැඩි විශ්වාසයෙන් බලා‍පොරොත්තුවෙන් තමයි කෙනෙක්ට ආදරේ කරන්නෙ. කෙනෙක්ව විවාහ කරගන්නෙ.
මට හිතෙන්නෙ අපි කොයි තරම් පරිත්‍යාගශීලී වුණත් ප්‍රායෝගික ජීවිතයේදී සාර්ථක පෙම් සබඳතාවක් විවාහ දිවියක් ගත කිරීමේදී සීයට සියයක්ම කොන්දේසි රහිතව ජීවත් වෙන්න ආදරේ කරන්න අපිට බැහැ. බලා‍පොරොත්තු වෙන එක සාධාරණත් නෑ.
ඒත් දෙන්නෙක් මුලින්ම ආදරෙන් බැඳෙද්දී බොහෝ විට මේ ගැන හිතන්නෙ නෑ. ‘මොනව කළත් මං එයාට ආදරෙයි එයත් මට ඒ වගේම ආදරේ ඇති. ඒකයි අපි දෙන්නට දෙන්න දන්නෙම නැතුව මෙහෙම ළංවෙන්නෙ’ කියල තමයි බොහෝ විට පෙම්වතුන්ට දැනෙන්නෙ. එත් ඒක මුළාවක්. එකිනෙකා ගැන නිවැරදි අවබෝධයක් නැති කමට හිතෙන දෙයක්.
රොමාන්තික ලෙස දෙදෙනෙක් හැඟීම්වලින්     ආකර්ෂණය වෙද්දී අවට ලෝකය ගැනත් තමන්ට ළංවෙන පුද්ගලයා ගැනත් නිවැරදි මානසික සහ සමාජයීය අවබෝධයක් ලබාගන්න බැරිවන තරමට ඒ අයගේ මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වයට මානසික බලපෑම් සිදුවන බව ලන්ඩන් විශ්වවිද්‍යාලයක පරීක්ෂණවලින් එළි දක්වලා තියනවා.
වෙනත් වචනවලින් කියනවා නම් කෙනෙක් තව කෙනෙක්ට ළං වෙද්දී ඒ පුද්ගලයාගේ චරිතය ගැන සැබෑ තක්සේරුවක් ගැන සිතීම වැළකෙනවා. ඔහු/ඇය ගැන සෘණාත්මකව හිතෙන්නෙ නෑ. ඒ තරමට මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදුවෙනවා.
මං හිතන්නේ ආදරය අන්ධයි කියල කතාවට කියන්නෙත් ඒක නිසා වෙන්න ඇති. ඇත්තනෙ කෙනෙක්ව නිවැරදිව තේරුම් ගන්නෙ නැහැ කියන්නෙ ඒ පුද්ගලයාව හරි හැටි දැනගන නෑ කියන එකනෙ.
සමහර වෙලාවට ආදරය අන්ධ විතරක් නෙමේ සමහර වෙලාවට හරි මෝඩයි කියලත් හිතන්න පුළුවන්.
නරක මිනිහෙකුව හොඳයි වගේ පේනව නම් තමාව රවට්ටලා බොරු කරලා අවස්ථාවාදීව ප්‍රයෝජන ගන්න කෙනෙක්ව දිව්‍යමය කුමාරයෙක් වගේ පේනව නම් ඒක අන්ධකමයි මෝඩකමයි දෙකේම එකතුවක් නෙමේද?
මට ඕනම හිරිහැරයක් වංචාවක් කරන්න ඕනෑම පීඩාවක් කරන්න මං හැමදාම ආදරෙයි කියල කවුරුහරි කියනවනං ඒක හරියට මම කඩේ දොර ඇරල තියන්නං ඕන තරං ඔබ බඩු හොරකම් කරන්න යන්න කියනව වගේ වැඩක්.
ඔබ දෙවියන් ගැන විශ්වාස කරනව නම් සමහර විට දෙවි කෙනෙකුට නම් පුළුවන් වෙයි දුර්වල මිනිසුන්ගෙ මොන වරදක් තිබුණත් දයාබරව පිහිට වෙන්න. සමහර විට ආදරයේ උත්තරීතරම සංකේතයක් වූ අම්මා කෙනෙකුට පුළුවන් වෙයි අධික දුකක් හිත ඇතුළෙ හංගගෙන වුණත් කොන්දේසියකින් තොරව දරුවන්ට ආදරේ කරන්න.
ඒත් රොමාන්තික ලෝකෙ ආදර සබඳතා සම්බන්ධව නම් ඒක ඒ විදිහට දකින්න ටිකක් අමාරුයි නේද? එහෙම ආදරවන්තයො ඉන්නව නම් එක්කෝ ඒ අය හැඟීම් නැති, හැඟීම් නිර්වින්දනය කරන ලද අය විය යුතුයි.
නැත්නම් තමන්ගේ පෙම් සබඳතාව, යුග දිවිය ගැන කිසිම තැකීමක් නැති කෙනෙක් විය යුතුයි එහෙම නේද?
ඒ නිසා ඔබට පී්‍රතිමත් ආදර සබඳතාවක් තියාගන්න ඕන නම් ඔබ හොඳින්ම මතක තබාගත යුතු එක දෙයක් තියනව.
ඒ තමයි ඔබ හිත යටින් (සමහර විට ඔබටම නොදැනී) අනෙකාගෙන් බලා‍පොරොත්තු වන දේ වගේම අනෙක් කෙනත් ඔබෙන් එයාට අවශ්‍ය යමක් බලා‍පොරොත්තු වෙන බව.
අනේ‍යාන්‍යව ඒ දේ ලැබුණොත් විතරයි පෙම් සබඳතාවක් සාර්ථක වෙන්නෙ. ඒත් සමහරු ඒ ටික හිතන්නෙ නෑ, මම මොනව කළත් එයා මට ආදරෙයි කියල හිතල හිතු හිතු දේ කරනව. ඔබත් එහෙම කෙනෙක් නම් ඔබට වැඩි කල් පී්‍රතිමත් ආදර සබඳතාවක් තබාගන්න ලැබෙන්නෙ නෑ.
අපිට තාරුකාවලට යන්න බෑ. ඒත් තරු එළියෙන් අපේ ගමන් මග හදාගන්න පුළුවන්. ඒ වගේ කොන්දේසි රහිතව ආදරේ කිරීම ඔබේ අරමුණ කරගත්තට කමක් නෑ. ඒත් ප්‍රායෝගික ජීවිතයේදී අනේ‍යාන්‍යව එකිනෙකා සතුටු කිරීම අත්‍යවශ්‍ය බව හිතට ගන්න.
 මයිකල් ආන්ජලෝ

25 -11 2014 ලක්බිම ඇසුරිනි 

----------------------------------------------------------------------------------



මිනිසුන්-සතුන් හා ගස්වැල්වලින් රැස් විහිදෙන්නේ මේ අයුරිනුයි

විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වූ තොරතුරුබුදු දහමේ අභිඥා යනුවෙන් හැඳින්වෙන්නේ මෙම අධිමානසික තත්ත්වයයිසිතිවිලි ස්වභාවය මෙන්ම පවතින රෝගාබාධ අනුවත් මෙම රැස් වළල්ල වෙනස් වෙනවාකරුණාව මෛත්‍රිය ආදී කුසල් සිතිවිලිවලදී රැස් වළල්ල දීප්තිමත් නිල් පැහැයක් ගන්නවාවෛරය ක්‍රෝධය නිසා රතු පැහැයත් හිත සොවින් බර වූ විට දුඹුරු පැහැයත් පෙන්නුම් කරනවා( පියසිරි ගුණරත්න)මිනිස් සිරුර වටා විහිදෙන රැස්වළල්ල කිසිවෙකු කිසි විටෙක දැක නැත. එනමුදු මිනිසුන්ගේ සිරුරුවලින් නිකුත් වන රශ්මි ශක්තිය පිළිබඳව විවිධ රටවල්වල කරන ලද පර්යේෂණ ගැන අප බොහෝ විට අසා තිබේ. එමෙන්ම මෙම රැස්වළල්ල පිළිබඳව විද්‍යාඥයන් විද්‍යාත්මක   පර්යේෂණ මගින් ලොවට තොරතුරු හෙළිකර දීමට සමත්කම් දක්වා ඇත. ආධ්‍යාත්මිකවේදය හා විද්‍යාත්මක පර්යේෂණ ඥානය මත මිනිස් සිරුරින් විහිදෙන මෙම රැස් වළල්ල නූතන ලෝකය තුළ දැක බලා ගැනීමට හැකියාව ලැබි තිබේ.බුදුරජාණන් වහන්සේගේ හිස වටා ෂඩ් වර්ණ වූ බුදු රැස් මාලා විහිදෙන දසුන් කෘත්‍රිමව නිපදවා ඇති අයුරු අප බොහෝ විට දැක තිබේ. විද්‍යුත් උපකරණ හා මෙවලම් භාවිතයෙන් එසේ කළ හැකිය. එනමුදු එවන් කෘත්‍රිම ක්‍රමයකින් තොරව මිනිස් සිරුරේ (හිස අත් පා වැනි) අවයව වටා කිසියම් ආකාරයක රශ්මි වළල්ලක් හෙවත් ඕරාවක් තිබෙන බැව් කිර්ලියන් ඡායාරූප ශිල්පයනමැති සුවිශේෂී  තාක්ෂණික ක්‍රමය උපයෝගී කරගනු ලැබූ ඡායාරූපවලින් සනාථ කර දැක්වීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.මෙම අසාමාන්‍ය ඡායාරූප ශිල්පීය ක්‍රමය හඳුන් වන්නේ විද්‍යුත් ඡායාරූප ශිල්පය නමිනි. විද්‍යුත් ඡායාරූප ශිල්පීය ක්‍රම මගින් ගනු ලබන සේයාරූවලින් එම රැස් වළල්‍ලේ පැහැය ද දැක බලා ගත හැකිය.  මිනිස් සිරුරෙන් විහිදෙන රැස්වළල්ල හෙවත් ඕරාව බයෝ එනර්ජි වශයෙන් ද නූතනයේ හඳුන්වනු ලබයි.ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ඇතැම් සිද්ධාන්ත හා පර්යේෂණාත්මක සොයා ගැනීම් මගින් මෙවන් සංසිද්ධි බොහෝ විට පැහැදිලි කිරීමට හැකියාව ලැබි තිබේ. එමෙන්ම අධිමනෝවිද්‍යා පර්යේෂකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇත්තේ මෙවැනි සංකීර්ණ සිද්ධි සඳහා කිසියම් ආකාරයක නිවැරදි තොරතුරු පැහැදිලි කිරීම වෙනුවෙනි.අධි මානසික යනු සාමාන්‍ය මානසික තත්ත්වයෙන් බැහැර වූ අති වෙසෙසි තත්ත්වයකි. සාමාන්‍ය මනස ත්‍රිමානයකින් යුතුවන අතර අධි මානසික සිතට චතුර්මානයක් ඇත. අධි මනෝ විද්‍යාව භෞතිකත්වයෙන් බැහැරව සිත පිළිබඳ අධ්‍යයනය කොට පර්යේෂණ කිරීම් ඇරඹීමේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූවකි. විද්‍යාත්මක චින්තනය යටතේ මිනිසා සතු සංකීර්ණ හැඟීම් රටාව විග්‍රහ කිරීම උදෙසා මනෝ විද්‍යාව උපයෝගී කර ගෙන තිබේ. ඇතැම් අද්භූත හා ආශ්චර්යමත් සිදුවීම් ගවේෂණය කිරීමේ ප්‍රතිඵලය අනුව  අධි මනෝ විද්‍යා විෂය ක්ෂේත්‍රය බිහි වී ඇති බව පැහැදිලි කළ හැකිය.බුදු දහමේ අභිඥා වශයෙන් හැඳින් වෙන්නේ ද මෙම අධි මානසිකත්වයයි. අධි මානසික යනු සුවිශේෂී ආධ්‍යාත්මික තත්ත්වයකි.  විඥාණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මිනිසා තුළ තිබෙන උඩු සිතටය. මේ සිත නිරතුරුවම අවදියෙන් සිටින බැවින් ජාගර විඥාණය ලෙසින් ද හඳුන්වයි. උඩු සිතට යටින් ඇති සිත උප විඥාණය ලෙසින් හඳුන්වනු ලබන යටි සිතයි. යටි සිත වූ කලී නිද්‍රෝපගත විඥාණයකි. මෙම උඩු සිතට හා යටි සිතට යන දෙකටම යටින් තිබෙන විශේෂ විඥාණය අධි මානසික තත්ත්වය ලෙස පැහැදිලි කළ හැකිය.මිනිසුන් සතුන් හා ගහ කොළ ඇතුළු සියලුම ෙජෙවමය වස්තූන් වටා කිසියම් ආකාරයක සියුම් ආලෝක වළල්ලක් විහිදෙන බැව් ප්‍රථමයෙන්ම පෙන්වා දෙනු ලැබුවේ සෝවියට් ජාතික විද්‍යාඥයකු වන එස්. ඩී. කිර්ලියන්ය. මෙම ජීවමාන ඒකක වටා අඟලක් පමණ දුරට විහිදෙමින් පවතින ශක්ති ධාරාව විටින් විට පැහැය වෙනස් වෙමින් අඩු වැඩි වෙමින් ක්‍රියාත්මක වන බව විද්‍යුත් ඡායාරූප ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් ගන්නා ලද ඡායාරූප මගින් පැහැදිලිව හඳුනා ගෙන ඇත.විදු මෙවලම් උපයෝගී කර ගනිමින් අවැසි පසුතලය සකසා එය ඉදිරියේ මිනිස් අංගෝපාංගයක් (අත-හිස වැනි) හෝ ශාක පත්‍රයක් තබා එය ඡායාරූප ගත කළ විට ඡායාරූප කඩදාසිය මත මිනිස් අග පසඟ හෝ ශාක පත්‍රය වටා කිසියම් ආකාරයක සියුම් ආලෝක දැල්ලක් විහිදී  තිබෙන සිතුවමක සටහනක් දැකගත හැකි වී තිබේ.මෙලෙස ජීවමය වස්තු වටා කිරණ ධාරාවක් හෙවත් ඕරාවක් ලෙසින් විහිදෙන්නේ ජීවමය ප්‍රබල ශක්ති විශේෂයක් බැව් විද්‍යාඥයන් විසින් සිය   පර්යේෂණ මගින් තහවුරු කර ඇත. සමාධි ගත සිතක දියුණු කළ මනසක එම ප්‍රමාණයටම ශක්ති ශරීරය හෙවත් රැස් වළල්ල විහිදවාලන අතර එහි පැහැය සුභාවිතය ආධ්‍යාත්මික ශක්තිය මෙසේ රශ්මි මාලාවක් විලසින් මිනිස් සිරුරින් නික්මෙන බව හෙළි කර ගෙන ඇත.මිනිසා තුළ පවතින මානසික තත්ත්වය අනුව සිරුරින් විහිදෙන රැස් වළල්ලෙහි යම් යම් වෙනස්කම් සිදුවන බව අධි මානසික විද්‍යාඥයෝ සඳහන් කරති. මිනිස් සිතිවිලි හා රෝගාබාධ අනුව රැස් වළල්‍ලේ පැහැය වෙනස් වන බව දැනට තහවුරු වී ඇත.පුද්ගලයෙකුගේ සිත තුළ කුසල් සිතිවිලි පිබිදී කරුණාව මෛත්‍රිය ආදී හැඟීම් සමග ආධ්‍යාත්මික සැනසීමක් ඇතිවූ විට රැස් වළල්ල දීප්තිමත් නිල් පැහැයෙන් නිකුත් වන බව ද වෛරය ක්‍රෝධය ආදී අකුසල් සිතිවිලිවලින් යුතුව සිටින විට රත් පැහැයක් ගන්නා බව ද අධි මානසික පර්යේෂණවලදී සොයා ගෙන ඇත. සොවින් බර සිතිවිල්ලෙන් යුතු කෙනකුගෙන් මෙම රැස් වළල්ල විහි දෙන්නේ දුඹුරු පාටින් යුතුවය. මිනිස් සිරුරෙන් විහිදෙන රශ්මි ශක්තිය කෙනකුගේ ආධ්‍යාත්මික සිතිවිලි රටාව අනුව ප්‍රසන්නව හෝ අප්‍රසන්නව නිකුත්වන බව පැහැදිලිය. සිත දියුණු කරගත් යෝගීන්ට තමන් ඉදිරියේ සිටින සාමාන්‍ය පුද්ගලයකුගේ සිරුරෙන් විහිදෙන රැස් වළල්ල දැක ගැනීමට හැකි බව ද  පරීක්ෂණ වාර්තාවල සඳහන් වී ඇත.බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ඛ්‍යාම ප්‍රභා මණ්ඩල විහිදී ගිය බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ. බුදු දහම තුළ බඹයක් යනුවෙන් සඳහන් වන්නේ මිනිස් ඇසට බුදුන් වහන්සේගේ රැස් මාලාව පෙනෙන ප්‍රමාණය සලකා ගෙනය. ඛ්‍යාම යනුවෙන් බඹය අදහස් කෙරෙයි.බුදුරැස් මාලාව ෂඩ් වර්ණ සහිතය. සවනක් ගණ බුදුරැස් ලෙසින් හඳුන්වන්නේ එනිසයි. නිල්, කහ, රතු, සුදු, ලා රතු හා මෙම සියලුම වර්ණවල සංකලනයෙන් සෑදුණු තවත් විශේෂ වර්ණයකින් බුදුරැස් මාලාව සමන්විතය.බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබිම තුළ මානසික ධාතුව අසීමිත වූ බැවින් බුදුන් වහන්සේගේ බුද්ධ රශ්මි මාලාව ද  එලෙසම අසීමිත විය.  එමෙන්ම දීප්තිමත්ව බැබලිණි. බුදුන් වහන්සේ සංසාරගතව දරන ලද බුද්ධි බලය ඇති අකම්පිත ගුණයෙන් යුතු     ශ්‍රේෂ්ඨ උත්තමයකු නිසා එවන් ගුණයෙන් හෙබි බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රැස් මාලා විහිදෙන බුදු සිරුරකින් යුතු වූහ. බුදුන් වහන්සේ අධිෂ්ඨානශීලීව සිටින විට විහිදී ගිය බුදුරැස් මාලාව උන්වහන්සේ වැඩ සිටින ස්ථානයේ සිට කි. මී. පහළොවක් (15) පමණ ඈතට විහිදී ගිය බව මෙම විෂය පිළිබඳව ලියා ඇති පර්යේෂණ ග්‍රන්ථවල දැක්වේ.  බුදුන් වහන්සේ සාමාන්‍ය පැවතුමෙන් යුතුව වැඩ සිටි අවස්ථාවලදී රැස් මාලාව බඹයක් තරම් දුරට පැතිරී ගොස් ඇත.ළක්බිම පුවත් 14 - 11 - 2014

කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!


සන්නිවේදනය කී පමණින් අපේ මනසට එන්නේ වචන ය. වචනවලින් තොර සන්නිවේදනයක් ඇතැයි යන්න පිළිගැනීමට පවා බොහෝ දෙනෙකුට තරමක් දුරට සිතන්නට සිදුවේ.
මෙයට එක් හේතුවක් නම් අපේ පාසල් අධ්‍යාපනය තුළ වචන සිංහාසනාරූඩ කර තිබිම ය. වචන නැති අධ්‍යාපනයක් අපට සිතා ගැනීමට බැරි ය. ගුරුවරයා කීවේ වචන ය. ලීවේ වචන ය. අපට කියන්නට කීවේ වචන ය. අපට ලියන්නට කීවේ වචන ය. විභාගයේදී පරීක්ෂාවට ගත්තේ වචන ය. වචනවලින් තොර යමක් පාසැලේ තිබුනේ නම් අප ඒවාට කීවේ බාහිර ක්‍රියාකාරකම් කියා ය. ඒවා අධ්‍යාපනයේ ප්‍රධාන ධාරාවට සම්බන්ධ වූයේ නැත. ඒවා භාවිත වුනේ අධ්‍යාපනය සදහා නොවේ. පාසැලේ නම බැබලවීම සදහා ය.
දෙමාපියන් පවා ආදර්ශයට වඩා උතුම් කොට සැළකුවේ අවවාද ය. ඒ තුළ තිබුනේ වචන ය. තමන් ද සැක කළ විශ්වාස නොකළ වචන ය.
පන්සලේ හාමුදුරුවන් බෞද්ධයන් යහමග යවන්නට තැත් කළේ බණ කීමෙනි. ඒ ද වචන හරහා ය. පන්සිල් රැකීමට වඩා පන්සිල් ගැනීම උතුම් විය. පන්සිල් රැකීම ක්‍රියාවක් වන විට පන්සිල් ගැනීම වචන උච්චාරණයක් විය. ලතාවකට පන්සිල් කීවේ නම් බොහෝ දෙනෙකුට එය සෑහුනේ ය. බෞද්ධයෙක් වීම සදහා තිසරණ සහිත පන්සිල් සමාදම් වීම සෑහුනේ ය. බුදුන් සරණ යනවා යයි පොරොන්දු වුනු බෞද්ධයෙකුට ඊලග මොහොතේ පල්ලියට ගල් ගැසීමට අත ඔසවන්නට හිරිකිතයක් නැතිවුනේ ඒ නිසා ය. දාන ගෙදරක මත්පැන් කට ගා ගත් අය සුරාමේරය මජ්ජපමා කීමට හරිබරි ගැසුනේ ඒ නිසා ය.
දෙවියන්ට යාඥා කිරීමෙන් කිතුණුවෝ ද සැනසුනෝ ය. දෙවියන් හා එක්විය හැක්කේ තමන්ගේ ක්‍රියාවෙන් බව පෙන්වූ ජේසුස්ගේ ජීවිත ආදර්ශය බොහෝ කිතුණුවෝඅමතක කළෝය. ඔවුන් දෙවියන් හා එක්වුනේ වචනයෙන් පමණ ය. ඒ ගීථිකා කට පාඩමෙන් කීම හරහා ය.
ක්‍රියාවෙන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී නොවුනත් අපේ රට නාමයෙන් එනම් වචනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්ම වූයේ ය.
දේශපාලනඥයන් පවා අපට සංග්‍රහ කළේ වචනයෙනි. දේශපාලන වේදිකාවේ දී පමණක් නොව මැතිවරණ සමයේ වර්ණවත් පෝස්ටර්වල ද ප්‍රකාශනවල ද තිබුනේ වචන ය. ඒවායේ ශබ්ද රසයට වැඩි යමක් නොතිබුනේ ය.
වේදිකාවේ පමණක් නොව රිදී තිරයේ ද නළුවන් අඩුවෙන්ම කළේ රග පෑම ය. වැඩිපුර කළේ දෙබස් කීම ය.
ආයතන ඇතුළේ දී ඇතැම් ආයතන ප්‍රධානීන් ද වැඩිපුර කැමති සිය කාර්ය මණ්ඩලයට දේශනා පැවැත්වීමට ය. එහෙත් අවාසනාවකට මේ රැස්වීම්වල ආයතන ප්‍රධානීන් දෙසන බණ බොහෝ විටක අවකාශයට අධෝවාතයකින් තරම්වත් ප්‍රයෝජනයක් එකතු කරන්නේ නැත. එයට හේතුව ආයතනයේ කාර්ය මණ්ඩලය වෙන කවරෙකුටත් වඩා හොදින් කතාව පිටුපස ඇති ප්‍රධානියාගේ ක්‍රියාව ගැන අවබෝධයකින් සිටින නිසා ය.
වචන ලාභ ය. වචනවලට ඒ නිසා පහසුවෙන් බොරුවේ ස්වරූපය ගත හැකි ය. වරක් වචනයට රැවටුන මිනිසෙක් නැවත ඒ වචනම ඒ කියන්නාගේ මුවින් පිටවෙන කල විශ්වාස කරන්නේ නැත. බුද්ධිමත් මිනිසෙක් ක්‍රියාවෙන් සනාථ වන තුරු කවරෙකුගේ වුව කිසිදු වචනයක් විශ්වාස කරන්නේ නැත.
ඒ නිසා වඩාත් වැදගත් වන්නේ අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කර ඒ හරහා මිනිසුන් ඒත්තු ගැන්වීම ය. බොරුවෙන් තොර රටක් ගොඩ නැගිය හැක්කේ ක්‍රියාවෙන් සන්නිවේදනයේ යෙදීම හරහා ය. අප ආයතන තුළ ගොඩ නැගිය යුත්තේ ක්‍රියාවෙන් කෙරෙන සන්නිවේදනය අගයන සංස්කෘතියකි.
සන්නිවේදනයේ දී වචනවලට ඇති භූමිකාව අවතක්සේරු කිරීමක් මෙයින් අපේක්ෂා නොකෙරේ. යමක් අපට පැහැදිලි කළ හැක්කේ වචන හරහා ය. මේ බ්ලොග් සටහන ලිවීමේදී ද මා භාවිතා කළේ වචන ය.
ඒත් යමක් ඒත්තු ගැන්වීමට නම් ඒ වචන ක්‍රියාවට නැගිය යුතු ය. වචනය ආරම්භයකට හොද ය. එහෙත් එයින් අවසානය ලගා කර ගත නොහැකි ය. එය කළ හැක්කේ ක්‍රියාවකිනි.

සමහර අවස්‌ථාවල දී මුහුණ 

මානසික රෝග පිළිබිඹු කරන කැඩපතකි



ජීව විද්‍යානුකූලව, පණිවිඩ ක්‍ෂණිකව ග්‍රහණය කරගැනීම උදෙසා පංෙච්න්ද්‍රියන් සැකසී ඇත. ඒ අනුව ඇසින් දැකීමටත්, කනෙන් ඇසීමටත්, නාසයෙන් ගඳ සුවඳ බැලීමටත්, දිවෙන් රස පිරික්‌සීමටත්, සමෙන් ස්‌පර්ශ ලැබීමටත් ඉන් අනතුරුව ඊට අනුව උත්තේජන ප්‍රතික්‍රියා ලබා දීමටත් අප ශරීරය හැඩගැසී ඇත. එපමණක්‌ නො ව මොළයෙන් නිකුත් වන සංවේදන ඔස්‌සේ මිනිස්‌ හැඟීම් නිර්මාණය වන අතර සතුට, දුක, කෝපය, ලැඡ්ජාව, බිය යන ආදිය එහි ප්‍රතිඵල ලෙසින් දැක්‌විය හැකි ය. මෙකී මිනිස්‌ හැඟීම් සිත අභ්‍යන්තරයෙහි හටගන්නා බැවින් ඒවා නිරූපණයෙහි ලා මිනිස්‌ මුහුණ ඉතා වැදගත් අංගයක්‌ සේ සැලකිය හැකි ය. මන්ද මිනිස්‌ හැඟීම් ප්‍රකාශනයෙහි ලා සුසැදි ශරීරාංගය වන්නේ මිනිසා ගේ මුහුණ වන බැවිනි.



යම් පුද්ගලයකු, කිසියම් අවස්‌ථාවක කුමන හැඟීමකින් යුතු වේ ද යන්න මුහුණින් හඳුනාගත හැකි වන්නේ යම් සේ ද, යම් පුද්ගලයකු යම්කිසි මානසික රෝගයකින් පෙළෙන්නේ ද යන්න පවා මුහුණේ ඉරියව් පිරික්‌සීමෙන් නිගමනය කළ හැකි බව (සියයට සියයක්‌ ම නො වේ) මනෝවිද්‍යාත්මකව සනාථ වී ඇත. මුහුණේ ස්‌වරූපය (Mood) අනුව පහසුවෙන් හඳුනාගත හැකි රෝගී තත්ත්වයන් ලෙස විශාදය (Depression), උන්මාදය (Mania) සහ කාංසාව (Anxiety) ප්‍රධාන වශයෙන් දැක්‌විය හැකි අතර මේ රෝග සඳහා පොදුවේ mood disorder යන නාමය යොදනු ලැබේ. මීට අමතරව මුහුණේ ස්‌වරූපය අනුව මන්දමානසිකත්වය (mental retardation) සහිත පුද්ගලයන් හඳුනාගැනීමට හැකි වේ. 



මුහුණේ ස්‌වරූපය ඇසුරින් හඳුනාගත හැකි මානසික රෝග



විශාදය (Depression) 



විශාදය රෝගයට ගොදුරු වූවන් තුළ ඉතා දුක්‌මුසු සේයාවක්‌ මුහුණින් නිරූපනය වේ. නිතර ම දෑස්‌වලින් කඳුළු ගැලීම ද දක්‌නට ලැබේ. විඩාබර දෑස්‌, වියළි දෙතොල් මෙන්ම මුහුණ අවපැහැ හෝ සුදුමැලි වීම විශාද රෝගීන් ගේ ස්‌වභාවයයි. එසේ ම විශාදයට ගොදුරු වූ රෝගීන් අඳුරු පැහැයෙන් යුත් ඇඳුම් පැළඳුම් පරිහරණය කිරීමට පෙලඹීම ද දකිය හැකි ය. 



උන්මාදය (Mania)



උන්මාද රෝගය සහිත රෝගීන් ද මුහුණේ ඉරියව් ඔස්‌සේ පහසුවෙන් හඳුනාගත හැකි ය. ඔවුන් තුළ පවතින අධික්‍රියාකාශීලිත්වය (Overactivity) විශේෂ ලක්‌ෂණයක්‌ වන අතර නිතර මුහුණ හැඩ වැඩ කිරීමට, එනම් තොල් ආලේපන හා මුහුණු ආලේපන (Makeup) කිරීමට මොවුහු දැඩි උනන්දුවක්‌ දක්‌වති. එහෙත් අපිළිවෙළට ඒවා සිදු කිරීම හේතුවෙන් ඔවුන් ගේ අසාමාන්‍යතාව පහසුවෙන් හඳුනාගත හැකි ය. එකවර ශබ්ද නගා සිනාසීම ද මොවුන් තුළ දැකිය හැකි වන අතර අන් අය ගේ අවධානය ගැනීමට මේ පුද්ගලයෝ වැඩි උනන්දුවක්‌ දක්‌වති. විශේෂයෙන් ඉතා තද වර්ණවලින් යුත් ඇඳුම් පැළඳුම් පරිහරණයට මොවුහු දැඩි රුචිකත්වයක්‌ දක්‌වති. එනම් ලුමිනස්‌ වර්ණය හා ඒ හා සමාන ඇස්‌වලට බැලීමට පවා අපහසු තැඹිලි, රතු වර්ණ භාවිතය ඔවුන් අතර ඉතා පොදු තෝරාගැනීම් යෑයි කිව හැකි ය. 



කාන්සාව (Anxiety)



කාන්සාවට ගොදුරු වී ඇති රෝගීන් ගේ මුහුණු පිරික්‌සීමේ දී, නිතර ම අධිකව දහදිය දැමීමක්‌ මතුපිටින් පැහැදිලිව දක්‌නට ලැබේ. තව ද එවැනි පුද්ගලයන් නිතර ඇස්‌ එහා මෙහා යෑවීම තුළින් අවට පරිසරය පිළිබඳව දැඩි විමසිලිමත්භාවයකින් පසු වීම සාමාන්‍ය ස්‌වභාවයයි. ඔවුන් ගේ සිත ඉතා අවිවේකී හා සහ නොසන්සුන් බව මුහුණ තුළින් මනාව පැහැදිලි වේ.



මන්දමානසිකත්වය (mental retardation)



මේ තත්ත්වය සහිත පුද්ගලයන් ගේ මුහුණු සමාන ස්‌වරූපයකින් යුතු වීම විශේෂත්වයකි. ඔවුන් ගේ දැස්‌ තරමක්‌ විශාල අතර කුඩා නාසයක්‌ හා විශාල තොල් පෙති සහිත මුඛයක්‌ ද පිහිටා තිබේ. නිතර දිව එළියට දමාගෙන සිටීම මොවුන් අතර පොදුවේ දක්‌නට ලැබෙන ලක්‌ෂණයක්‌ ලෙස සැලකිය හැකි ය. මුහුණ තරමක්‌ ඉලිප්සාකාර හැඩයකින් යුතු වන අතර, විශාල එල්ලා වැටෙන කන්පෙති ද දක්‌නට ලැබේ. එපමණක්‌ නො ව නිතර ම මුඛය විවෘත ව පිහිටීමත්, ඇස්‌ පිල්ලම් නො ගසා බලාගත් අත බලා සිටීමත් ඔවුන් තුළ සුලබව දැකිය හැකි ලක්‌ෂණ වේ. 



ඉහත සඳහන් රෝග සහිත රෝගීන් ගේ මුහුණ සහ මුහුණේ ඉරියව් උපයෝගී කරගනිමින් අදාළ මානසික රෝග හඳුනාගැනීමටත්, අවශ්‍ය මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝගියාව යොමු කිරීමටත් මනෝඋපදේශකවරුන් (Counsellors), මනෝවිද්‍යාඥයන් (Psychologists) හා මනෝවෛද්‍යවරුන් (Psychiatrists) වෙත පැවරී ඇති කාර්යභාරය අතිමහත් ය. 



විශාදය (Depression), උන්මාද (Mania) සහ කාන්සා (Anxiety) යන රෝග පාලනය කිරීම සඳහා මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා දීම කළ හැකි නමුත්, මන්ද මානසිකත්වය යනු එසේ ප්‍රතිකාර කිරීමෙන් සුව කළ නොහැකි තත්ත්වයකි.

2014 - 2 - 12 (Vidusara News Paper)

===========================================================



බේතයි හිතයි දෙකම එකට නැත්නම් ලෙඩේ

ලෙඩ රෝග සුව වීමට ඖෂධ මෙන්ම ධනාත්මක චින්තනයද එකසේ වැදගත් වන බව බ්‍රිතාන්‍යය පර්යේෂක පිරිසක් කියති.
රෝගයක් වැළදුණු පසු ඒ පිළිඹද බියපත් වීම හා අනවශ්‍ය ලෙස කරදර වීම තත්ත්වය තවත් බරපතල කරන්නේයැයි ඔවුහු පවසති.මෙනිසා කළ යුතු හොදම දෙය වන්නේ ඖෂධ ලබා ගන්නා අතරම සන්සුන් මනසක් ගොඩනගා ගැනීම බව පර්යේෂක පිරිස කියති.
පර්යේෂක පිරිස රෝගයක් වැළදුණු විට මොළයේ ක්‍රියාකාරීත්වය කෙබදු වන්නේදැයි සොයාබැලීමට පර්යේෂණයක් සිදුකර තිබේ.ඒ සදහා ඔවුන් සහභාගී කරවාගෙන ඇත්තේ ආතරයිටිස් රෝගීන් පිරිසකි.ආතරයිටිස් වැළදුණු විට පුද්ගලයෙකුගේ සිරුරේ සන්ධි වල කි්‍රයාකාරීත්වය අඩපණ වන අතර අත පය සෙලවීම පවා වේදනා ගෙන දේ.
නමුත් පර්යේෂකයින් සොයාගෙන ඇත්තේ මෙම රෝගීන්ගෙන් බහුතරය අත පය සෙලවීමටත් ප්‍රථමයෙන් තමන්ට වේදනාව ඇති වන්නේ යැයි සිතා සිටින බවයි.මෙනිසා ඔවුන් රෝගය දුරැලීමට සිදුකෙරෙන අභ්‍යාස වල යෙදෙන්නේද තමන්ට වේදනා ඇති වේ යැයි බියෙන් බව පර්යේෂකයින් අනාවරණය කරගෙන තිබේ.
මෙසේ අනියත බියක් ඇතිවීමට හේතු ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට පර්යේෂක පිරිස සමත්ව ඇත.ඔවුන් පවසන්නේ පර්යේෂණයට යොදා ගැනුණු රෝගීන්ගේ මොළයන්ගේ වේදනාව ජනනය වන ප්‍රදේශයන් ඉබේම උත්තේජනය වෙමින් පවතින්නේයැයි හදුනාගත හැකිවූ බවයි.මෙනිසා ඔවුන් කුමන කටයුත්තේ යෙදුණද මොළය ඊට පෙර සිටම එය වේදනා ගෙන දෙන්නේයැයි තීරණය කර තිබීම නිසා ඔවුන් තමන්ට වේදනාව දැනෙනු ඇතැයි බියපත්වී සිටින බව පර්යේෂකයෝ කියති.
මෙය ආතරයිටිස් පමණක් නොව අන් සියලූ රෝගීන්ට පොදුවූ තත්ත්වයක්යැයි පර්යේෂකයෝ පවසති.සියල්ලටම ප්‍රථමයෙන් මොළය කලබල වීම නිසා එයින් මෙහෙයවෙන රෝගීන් කරන්නේ ඖෂධ වලම පිහිට යැදීම බවත් පමණ ඉක්මවා එසේ කිරීම ඔවුන්ටම අයහපත් වන බවත් ඔවුහු පෙන්වා දෙති.
විසදුම ලෙස බුදුදහමේ සදහන් භාවනා ක්‍රම පර්යේෂක පිරිස පෙන්වා දී තිබේ.හැගීම්, දැනීම් පාලනය කරගැනීම මගින් මොළය අවශ්‍ය වේලාවේදී අවශ්‍ය පියවර ගැනීමට යොමුකරවීමේ සමත් භාවනාවන් රෝගීන්ට හොද මානසික සුවයක් අත් කර දීමේ සමත් යැයි ඔවුහු කියති.
මෙය සිදුවන ආකාරය පිළිඹද තවදුරටත් සොයාබැලීමට වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
පර්යේෂක පිරිස අවසානයට සදහන් කරන්නේ යහපත් සන්සුන් මනසක් හා ධනාත්මක චින්තනය ඖෂධ වලට වඩා රෝග සුවපත් කිරීමේ සමත්කම් දක්වන බවයි.මෙනිසා රෝගයක් වැළදුණු විට ඖෂධ ලබාගැනීම සේම යහපත් මනසක් ඇති කර ගැනීම කෙරෙහිද සැළකිලිමත් විය යුතුයැයි ඔවුහු පවසති.